Inivak Edu වේදිකාව භාවිතා කිරීම මඟින් ඔබ පහත දක්වා ඇති සියලුම නීතිමය කොන්දේසි හා පිළිවෙත් වලට එකඟ වන බව තහවුරු වේ.
1. හිමිකම සහ බුද්ධිමය දේපල (Ownership)
මෙම වෙබ් අඩවියේ හා පද්ධතියේ සම්පූර්ණ අයිතිය Inivak ආයතනය සතුවන අතර අවසරයකින් තොරව භාවිතා කිරීම, පිටපත් කිරීම, මෘදුකාංග කේත හෝ දත්ත සොරාගැනීම වැනි ඕනෑම අක්රමිකතාවයක් වෙනුවෙන් ශ්රී ලංකා දණ්ඩනීති සංග්රහයේ සහ බුද්ධිමය දේපල පනතේ අණපනත් අනුව දැඩි අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව ප්රකාශ කර සිටිමු.
2. සේවාවන් සහ පාර්ශවයන් (Services)
අපගේ වෙබ් අඩවිය ගුරුවරුන් හා අධ්යාපනික ආයතන සදහා තාක්ෂණික සේවා සපයන B2B ආයතනයක් වන අතර සිසුන් සමඟ කිසිදු සෘජු මූල්ය හෝ මූල්ය නොවන බැදීමක් අප සතුව නොමැත. නමුත් ලියාපදිංචි සියලු සිසුන්ට ඕනෑම තාක්ෂණික ගැටලුවකදී පැය 24 පුරා සහය ලබාදීමට අප ආයතනය කැපවන්නෙමු.
3. වගකීම් සහ ගෙවීම් බේරුම්කරණය (Responsibilities & Invoicing)
ඉහත පරිදිම අප යම් යම් වගකිම් මගින් බැදීම් පවතින්නේ ගුරුවරුන් සමග පමණි.
ඔබ විසින් අප ආයතනයට ගෙවිය යුතු මාසික සේවා ගාස්තු (LMS Maintenance Fee) මාසයේ අවසාන සතියේ ගෙවිය යුතුයි. [එනම් සෑම මසකම 25 වන දින සිට 30 වන දින දක්වා].
4. මුදල් ආපසු ගෙවීම් සහ දත්ත යාවත්කාලීන කිරීම (Refunds & Renewals)
Recording ගබඩාව හැර අනෙකුත් සියලු සේවා ඔබ පරිබෝජනයෙන් අනතුරුව ගෙවීම් සිදු කරන නිසා (Post-paid) කිසිදු හෙයකින් සේවා ගාස්තු නැවත ගෙවනු නොලැබේ.
Recording ගබඩාවේ ඇති දත්ත යම් හෙයකින් අපගේ පද්ධති දෝෂයකින් මැකීයාමක් හෝ හානියකට පත්වුවහොත් අදාල මාසයට අදාලව අප ලබාගත් සම්පූර්ණ මුදල නැවත ගෙවනු ලැබේ.
5. පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂණය (Privacy & Data Protection)
අපගේ පෞද්ගලිකත්ව ප්රතිපත්තිය යටතේ පහත කරුණු දැඩිව සුරක්ෂිත කෙරේ:
- ඔබගේ පුද්ගලික තොරතුරු (නම, දුරකථන අංකය, ඊමේල්, WhatsApp අංකය) අප විසින් රැස් කරනු ලබන්නේ සේවා සැපයීමේ කටයුතු සඳහා පමණි.
- ගෙවීම් පිළිබඳ තොරතුරු බැංකු ආරක්ෂිත ක්රමවේද හරහා පමණක් සෘජුව ගුරුවරයාගේ ගිණුමට හුවමාරු කෙරේ.
- ඔබේ පන්ති සහ ශිෂ්ය තොරතුරු 256-bit SSL/TLS තාක්ෂණය මගින් සංකේතනය කර ඇත.
- දත්ත සුරක්ෂිතතාව කඩවීමක් සිදුවුවහොත් පැය 24ක් ඇතුලත ඔබව නිල වශයෙන් දැනුවත් කෙරේ.
6. නීතිමය බැඳීම් සහ අනුකූලතාවය (Legal Obligations)
ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතය සහ නීතිමය ක්රියාදාමයන්:
- 2022 අංක 15 දරණ ශ්රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට (Data Protection Act No. 15 of 2022) සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරයි.
- නීතිමය අවශ්යතා මත හෝ අධිකරණ නියෝගයක් මත හැර කිසිදු තෙවන පාර්ශවයකට වෙළඳ දැන්වීම් සඳහා තොරතුරු ලබා නොදේ.
- ඔබගේ දත්ත පද්ධතියෙන් ස්ථිරවම මකා දැමීමට ඇති අයිතිය (Right to Erasure) සුරක්ෂිත වේ.